2023 මැයි 26, පෙ.ව. 12:02
පවතින තත්ත්වය ඉදිරියේදී වැඩිදියුණුවීමත් සමඟ ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත ඊයේ (25) පෙරවරුවේ ආරම්භ වුයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
“උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යෑම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදු වුණා. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වනවිට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි. අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරියි. විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම.. ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා.”
“රට තුළ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් ඉහළ යාමත් සමග තවමත් එලෙස විදේශ විනිමය ප්‍රවාහයේ අඩුමට්ටමක් පැවතුණත්, එහි සමනයවීමක් දකින්නට ලැබෙන නිසා ආනයන සහ විනිමය පිටත ගලනයට පවතින සීමා ලිහිල් කිරීම ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවිය හැකියි. මේ නිසා ඉදිරියේදී තත්ත්වය වැඩි දියුණුවීමක් සමග ආනයන සඳහා පවතින සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පවතින සීමාවන්ද එලෙස ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ කරුණු දෙකම ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ඉවහල් වේවි.”
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32