hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 26, පෙ.ව. 12:01



එළැඹෙන 29 වන දින සිට ජූලි මස 03 වැනි දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සහ ජුනි 30 වන දා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම්කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ දී දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කරන බවත් පොලී අනුපාත වලට බලපෑමක් ඇති නොවන බවත් හෙතෙම කියා සිටියා.

නමුත් එම කාලසීමාව තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනුවට බලපෑමක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමටත් කාලයක් අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළා.