hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 3:55



මෙරට ගෘහ පාලන අංශයේ දැවැන්ත පෙරළියක් ඇති කළ, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සේවා සපයන ආයතනයක් වන NCW Holdings ආයතනය පසුගියදා සිය සේවකයන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්විය.

කොළඹ ෂැංග්‍රිලා නිවාස සංකීරණයේ NCW Holdings සේවක මණ්ඩලය වෙනුවෙන් මෙම කඳවුර පවත්වන ලද්දේ සිව්වන වරටය.NCW Holdings. පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නවීන් විජේවික්‍රම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වූ මෙම වැඩසටහන අංග සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවන් රැසකින් සමන්විත් වීම විශේෂත්වයකි.

රුධිර හා මුත්‍රා පරීක්ෂණ ඊ සී ජී පරීක්ෂණ ඇතුලු පූර්ණ පරික්ෂාවන් රැසක් මේ හරහා සිදුකළ අතර අවසනායේ නවීන් විජේවික්‍රම මහතා අතින් සියලු සේවකයන් සඳහා මුදල් තිළිණ ද ප්‍රධානය කරන ලදී. 

එම අවස්ථාවට එක්වූ NCW Holdings ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ නවීන් විජේවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ “ මෙරට ප්‍රමුඛ කළමනාකරණ සේවා සපයන් ආයතනයක් ලෙස අප සමාගම හැමවිටම අපගේ සේවකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙලා සිටින ආයතනයක්, ඒ වගේම අපගේ සියලු සේවකයන් ඉතා ජව සම්පන්න තරුණ පිරිසක්, මේ රැකියාවේ ස්වභාවය අනුව හැමවිටම ඔවුන් සෞඛ්‍යසම්පන්නව සිටිය යුතුයි ඒ වගේම ඔවුන් හරහා අප සේවාලාභීන් හට ගුණාත්මක හා කාර්යක්‍ෂම සේවාවක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. මම මෙය පුරුද්දක් වශෙයෙන් සෑම ජන්ම දිනයකදීම කරන සත්කාරයක්. ඒතුලින් මම විශාල සතුටක් ලබනවා වගේම මගේ සේවක මණ්ඩලය ඉතා උද්යෝගීව වැඩකරන්නට මෙය පෙළඹවීමක් ඇති කරනවා. එමෙන්ම ඉදිරියේදී මෙවැනි වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වයක් ලබා දීමටත්, එමගින් NCW Holdings ආයතනයේ මානව සම්පත් ක්‍ෂත්රයේ පිබිදීමක් ඇති කොට, ඉන් දැවන්ත සේවාවක් රටේ තරුණ පරපුර සඳහා ලබා දීමටත් කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය. 

NCW Holdings ආයතනය මෙරට ප්‍රමුඛ සමාගම් රැසකට පහසුකම් හා සේවා මෙන්ම පුද්ගලික ආරක්‍ෂක සේවා සපයන ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලත් මෙරට එකම පහසුකම් කළමනාකරණ සේවා සපයන ජාත්‍යන්තර සමාගමයි.