2022 ජූනි 13, ප.ව. 4:02
පෑලියගොඩ මැනිං වෙළදපොළෙන් දෛනිකව එළවළු විශාල ප්‍රමාණයක් කසළ ලෙස ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වෙනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් වෙළෙඳපොළ වෙත පැමිණෙන වෙළඳුන් ප්‍රමාණය අඩුවීම නිසා එළවළු තොග අලෙවි කරගත නොහැකිව එක්රැස් වීම ඊට හේතුව බව ද වෙළෙඳුන් පෙන්වා දෙනවා.
පවතින ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එළවළු වෙළෙන්දන් පවසා සිටියේ,
“පසුගිය දවස් ටිකේ එළවළු කොළඹට ගෙන්න ගන්න විදිහක් නැති වුණා. එලවලු වෙලෙන්දෝ ඩීසල් පෝලිම් වල දවස් හතර පහ හිටියා. ඉතින් බලධාරීන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වෙලා තියෙන්නේ.”
2026 අප්‍රේල් 28, ප.ව. 12:58
2026 අප්‍රේල් 28, ප.ව. 12:20
2026 අප්‍රේල් 27, ප.ව. 4:14
2026 අප්‍රේල් 27, ප.ව. 12:54
2026 අප්‍රේල් 26, ප.ව. 5:25