hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 26, ප.ව. 1:39



රුසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් වශයෙන්.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 2.07කින් එනම් 2.67%කින් ඉහළ ගොස් ඇත්තේ එම තෙල් බැරලයක මිල ඩොලර් 79.56ක් ලෙස සටහන් කරමින්.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජී-7 කණ්ඩායමේ බටහිර රටවල් රැසියානු බොරතෙල් සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රැසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000ත් 700,000ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: