hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 9:25



ඉන්ධනහල් වල කාලයක සිට පවතින භූමි තෙල් හිඟයක් සමගම දැවි තෙල් වලට මේ වන විට දැඩි ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඉන්ධනහල් වලට දීර්ඝ කාලයක සිට  භූමිතෙල් නොලැබීම හේතුවෙන් විවිධ නිෂ්පාදනකරුවන් මෙන්ම වාහන පිරිසිදු කිරීමේ සේවා මධ්‍යස්ථාන මෙන්ම ගරාජ් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

දැනට මාස 6කට පමණ කාලයක සිට භූමිතෙල් තම ඉන්ධනහල් වෙත නොලැබුණ බව බණ්ඩාරගම, හොරණ හා පානදුර ඉන්ධනහල් හිමියන් පවසනවා.

ගෘහස්ථ ගෑස් වෙළෙඳ පොළේ හිඟතාවයක් ඇතිවූ දින වලද භූමිතෙල් වලට දැඩි ඉල්ලුමක් ද පැවතුණා.

වෙළඳපොලේ භූමිතෙල් හිඟතාවයක් ඇතිවීම හේතුවෙන් විවිධ බයිට් වර්ග බුන්ජි ආදී විවිධ ආහාර නිශ්පාදනකරුවන් මෙන්ම කුඩා කර්මාන්තකරුවන් මෙන්ම බහුතරයක් පාරිභෝගිකයන් විකල්ප මාර්ග වලට යොමු වී ඇතැයි ඉන්ධනහල් හිමියන් ප්‍රකාශ කරනවා.

ඇතැම් දෙනා මේ වන විටත්  භූමි තෙල් වලට විකල්පයක් ලෙස දැවි තෙල් වාහන පිරිසිදු කිරිමේ සේවා මධ්‍යස්ථාන වලින් සහ ගරාජ් වලින් ලබා ගැනීමට පුරුදු වී ඇති අතර ඒ හේතුවෙන් දැවි තෙල් ලිටර් විස්සක් රුපියල් පන්දහසක් වැනි ඉහල මිලකට අලෙවි කිරීමට එම ව්‍යාපාරිකයන් කටයුතු කරන බව පාරිභෝගිකයන් පවසනවා.