2023 මැයි 19, ප.ව. 2:27
ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.
භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති මිලම බවට සහතික කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
එසේම, ඇණවුම් තහවුරු කිරීම, ප්‍රවාහනය සහ සැපයුම් සංවිධානය කිරීම මෙන්ම, ඇණවුම් අවලංගු කිරීමේ අයිතිය ද මෙම ගැසට් නිවේදනය හරහා නියාමනය කර තිබීම විශේෂත්වයක්.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13