hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 29, ප.ව. 12:11



පාන්වල මිල තීරණය කිරීමට මිල සූත්‍රය හදුන්වා දෙන ලෙස කිරුම් මිනුම් පරීක්‍ෂකවරුන්ගේ වෘත්තිය සමිතිය රජයෙන් ඉල්ලා තිබෙනවා.

බේකරිකරුවන් සහ වෙළෙඳුන් අභිමතය පරිදි පාන් මිල ඉහළ දැමීමට පිළියමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි ඔවුන් කියා සිටියේ.

තිරිඟු පිටි මිල, නිෂ්පාදන වියදම සහ ප්‍රවාහන වියදම් ආදි පිරිවැය සහ ලාභ කොටසක් ඇතුළත් වන ලෙස පාන් මිල සූත්‍රය සකස් කරන ලෙස ඉල්ලා සිටින බව එම වෘත්තිය සමිතිය පෙන්වා දෙනවා.

පාන් නිෂ්පාදනය ආඥාාපනක් අනුව ක්‍රියාත්මක වන්නක් හේතුවෙන් පාන් මිල සූත්‍රයක් සකස් කිරීමට නීතිමය ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළ යුතු බව කියන කිරුම් මිනුම් පරීක්‍ෂකවරු ඒ සඳහා රජය මැදිහත් වීම අනිවාර්ය බව ද සඳහන් කළා. 

මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා පහත දමා ඇති බව ආරංචි මාර්ග පවසනවා.

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ අරමුණින් සහ තිරිඟු පිටි මිල පාලනය කිරීමේ අරමුණින් ඊයේ (28) සිට දෙසැම්බර් 31 දක්වා විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ද වෙළඳ කටයුතු, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.