hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 9:33



අයවැයෙන් යෝජනා කළ පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද (17) සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 5,000කින්.

සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අය කෙරුණු ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ දක්වා ඒ සඳහා අය කෙරුණේ රුපියල් 3500ක ගාස්තුවක්.

විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර වසරකට අඩු කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල රුපියල් 11,500ක ගාස්තුව රුපියල් 20,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම, නිකුත් කර වසරකට වැඩි කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල රුපියල් 15,000ක්.

මීට පෙර ඒ සඳහා අය කෙරුණේ රුපියල් 11,500ක්.

ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රයේ සංශෝධනයක් සිදු කිරීම සඳහා මීට පෙර අය කෙරුණු රුපියල් 1,000ක මුදල වෙනුවට රුපියල් 1,200ක් නව ගාස්තු සංශෝධනය යටතේ අය කෙරෙනවා.