hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 2:28



මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය නවීකරණය කර විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය පහසුකම් රැසකින් සමන්විතව නවිකරණය කර ඇති අතර, අලුතින්ම ඉදිකරන ලද පස්වන මහලේ වඩාත් ඉඩ පහසුකම් සහිත අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක් සහ කාර්යාල පරිශ්‍රයක් ස්ථාපිත කර තිබේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර කපිල දිසානායක, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන් වන තිස්ස තෙන්නකෝන්, ශමීර කුමාරපේලි, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනියන් වන ශාන්ති සිවනාතවෙල්, අනූෂා අලහකෝන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාර (තාක්ෂණ සේවා) ගයාන් දසනායක, මහනුවර ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජනක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුඵ ප්‍රාදේශීකයේ ශාඛාවන්හි කළමනාකාර මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.