hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 24, ප.ව. 4:39



මහජන බැංකුවෙන් යශෝධා හෝල්ඩින්ස් පුද්ගලික සමාගම ලබාගත් ණය මුදල් වෙනුවෙන් එම බැංකුවට උකස් කරන ලද නුවරඑළිය නගරයේ පිහිටි දේපලක නිරවුල් භුක්තිය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලෙස තීන්දුව ප්‍රකාරව නුවරඑළිය දිසා අධිකරණයේ පිස්කල් නිලධාරීන් විසින් මහජන බැංකුව වෙත ලබා දෙන ලදී.

මහජන බැංකුව වෙත උකස් කළ එම දේපළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව, මහජන බැංකු පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව 2011 වසරේදී වෙන්දේසි කර බැංකු වෙත පවරා ගන්නා ලදී.

එහෙත් ඉහත දේපල භුක්තිය ලබා ගැනීමට නොහැකි වන සේ එම සමාගමේ සභාපති වයි.කස්තුරිආරච්චි මහතා අධිකරණයේ නඩු පවරා තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා නිෂ්ප්‍රභ කරන ලදී.

ඒ අනුව උක්ත දේපළෙහි නිරවුල් භුක්තිය 2023.05.24 දින නුවරඑළිය දිසා අධිකරණයෙහි පිස්කල් නිලධාරීන් මහත්වරුන් විසින් මහජන බැංකුව සන්තකයට ලබා දුන්නේය.

ඒ අනුව ඉදිරියේ දී එම දේපළ මහජන බැංකුව විසින් උපලබ්දි කර නය මුදල් අයකර ගැනීමට කටයුතු කරනු ඇත.