2026 ජූනි 05, ප.ව. 12:51
වෙසක් පොහොය දින පොළොන්නරුව ගල් විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි.
මේ අවස්ථාවට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්තඒක නායක, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (කලාප ණය 4) කේ.ඒ.ඒ.එස් පීරිස්, පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකාර එස්.එම්.ඒ.පී. කේ සමරකෝන් යන මහත්ම මහත්මින් ද, සහකාර ප්‍රාදේශීය කළමනාකාර මහත්මීන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකු පොළොන්නරුව ප්‍රාදේශිය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝද සහභාගි වූහ.
2026 ඔක්තෝබර් 09, ප.ව. 1:51
2026 ඔක්තෝබර් 08, ප.ව. 2:14
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 11:52
2026 ඔක්තෝබර් 07, ප.ව. 2:05
2026 ඔක්තෝබර් 06, ප.ව. 1:59