2026 ජූනි 12, ප.ව. 1:01
මහජන බැංකුවේ කොටවිල සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම නවතම සේවා මධ්‍යස්ථානය අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන් රැසකින් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත‍්‍රය (ATM) තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනා කරණ) නලින් පතිරණගේ, මාතර ප්‍රාදේශීය කළමනාකාර ඒ.එල්..සි.පි. අබේසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් වන ඩබ්ලිව්.එස්.එස්. රූපසිරි, පී.ඩබ්ලිව්. ගුණසේකර සහ රේණුකා අමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීති නිලධාරි අජන්ත කපුගමගේ, මාතර ධර්මපාල මාවත ශාඛා කළමනාකාර ඊ.බී.සී.එම්. බණ්ඩාර සහ කොටවිල සේවා මධ්‍යස්ථාන කළමනාකාර එච්.ඒ.එන්.එස්. පෙරේරා යන මහත්ම මහත්මින්, රාජ්‍ය නිලධාරින්, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32