hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 06, ප.ව. 3:14



මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අභියෝගතා කුසලතා T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය -2026 තෙවැනි වරටත් මඩකලපුව, කොඩ්ඩමුනෙයි ක්‍රිඩා ගම්මානයේදි පසුගියදා පැවැත්විණි. එහි ශූරතාවය දිනා ගැනීමට Colombo Challengers කණ්ඩායම (ප්‍රධාන කාර්යාලය, කොළඹ උතුර හා දකුණ ප්‍රාදේශික) සමත් වූ අතර, අනුශූරතාවය United Lions කණ්ඩායම (නුවර එළිය, බදුල්ල හා මොනරාගල ප්‍රාදේශික) විසින් හිමිකරගන්නා ලදි.

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය K.G.P. Fights කණ්ඩායම (කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම ප්‍රාදේශික) සහ සිව්වන ස්ථානය United Titans කණ්ඩායම (ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව සහ අම්පාර ප්‍රාදේශික) දිනා ගන්නා ලදි. එමෙන්ම දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානය K.G.P. Fights හි සිනෙත් දේව ප්‍රියට හිමි වූ අතර, දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය K.G.P. Fights උදේෂ් විජේරත්නට හිමි විය. තරඟාවලියේ වීරයාට හිමි සම්මානය Colombo Challengers හි රසික සම්පත්ට හිමි විය.

මෙම ලීග් තරඟාවලිය දින අටක් පුරාවට පැවති අතර, කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදිණි. අවසන් මහා තරඟය ද ඇතුළුව තරඟ 16කින් සමන්විත වූ මෙම තරඟාවලියට මහජන බැංකු කාර්ය මණ්ඩලයේ ක්‍රිකට් ක්‍රිඩකයින් 120 දෙනකු සහභාගී විය.

මෙහි අවසන් මහා තරඟය 2026.06.20 දින මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.