2026 ජූලි 02, ප.ව. 12:00
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මහජන බැංකුව අනුරාධපුරයේදී පිංකම් රැසක් සංවිධානය කර තිබිණි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අසල සිල් සමාදන් වූ උවසු – උවැසියන් 25,000 කට අධික ප්‍රමාණයට 43 වන වරටත් උදෑසන හීල් දානය පිරිනැමීය.
එමෙන්ම මහජන බැංකුව 20 වන වරටත් ඉදිරිපත් කළ පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රඳුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ජාතික ආගමික කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහ සේවක ප්‍රජාව තුළ බොදු බැතිය හා සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහනේ සංගීත අධ්‍යක්ෂණය කර මෙහෙයවන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී කරුණාරත්න විජේවර්ධන මහතා විසිනි. මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය විසින් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදි. එමෙන්ම මහජන බැංකුවේ නුවර වැව ශාඛාව විසින් අයිස්ක්‍රීම් දන්සැලක් ද පැවැත්විණි.
වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිකාරී, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඊතල වැටුනු වැවේ ඥාණතිලක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාවන්ට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි ( ශාඛා කළමනා කරණ) අරුණි ලියන ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳුමිණි රත්නායක, අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්ම මහත්මින් ඇතුළු සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, රාජ්‍ය නිලධාරින් හා මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09