hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2026 ජූලි 21, ප.ව. 9:20



ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මහජන බැංකුවේ ඔකඳ දන්සැල් කමිටුව වාර්ෂිකව සංවර්ධන කරන දන්සැල 25 වන වරටත් ජූලි 17 වන දින කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුමේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, අම්පාර ප්‍රාදේශීය කළමනාකරු කේ.එම්.පී.පී. කුලතුංග, මොනරාගල ප්‍රාදේශීය කළමනාකරු එම්.එම්.ඒ. අමරසිරි, මඩකලපුව ප්‍රාදේශීය කළමනාකරු කේ. කෝඩීස්වරන් යන මහත්ම මහත්මින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරින්, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් සහ ප්‍රාදේශීය කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මෙහිදි පූජනීය කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට වියළි ආහාර මලු 1,000 ක් බෙදා දෙන ලදී. මෙමඟින් මහජන බැංකුවේ සමාජ සත්කාරක මෙහෙවර සහ මෙරට ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම මනාව පිළිඹිබු වේ.