hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 1:20



ප්ලාස්ටික් මල්මාලා, ඒක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයත් ඉදිරි සති දෙක තුළදි තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සදහන් කරයි.

රටේ පවතින වායු ආපදා තත්ත්වය වාර්තා කිරීම සඳහා හදිසි ප්‍රතිචාරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් හා විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ පාර්ශ්වකාර ආයතනවල දායකත්වයෙන් සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඛනිජ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා ගමනාන්තය, වාහන අංකය සහ මාර්ග විස්තර ඇතුළත් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම සියලු තොරතුරු පරිගණකගත කර තිබෙන බවත් බලපත්‍රලාභීන්ට කිසිදු වෙනස් කිරීමක් සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැති බවත් නීතිවිරෝධී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන එම දත්ත පද්ධතිය හරහා අසාදු ලේඛනගත කිරීමේ ක්‍රියාපටිපාටියක් හදුන්වා දී තිබෙන බවද සදහන් කරයි.

මෙම වසරේ සිදු කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරකම් ලෙස, ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සැකසීම, ශ්‍රී ලංකාව සඳහා ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සැකසීම, 2025 වන විට ශුන්‍ය කාබන් සඳහා ශ්‍රී ලංකා මාර්ග සිතියම සැකසීම, පරිසර හිතකාමී ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීම වේ.

කසළ කළමනාකරණය යටතේ ප්ලාස්ටික් භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා නව නීති හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: