hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 10, ප.ව. 1:00



විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සඳහා රුපියල් 30ක බදු මුදලක් පැනවීමත් සමඟ දේශීය වෙළඳපොලේ විදේශ රටවලින් ගෙන එන අර්තාපල් අල කිලෝ එක රුපියල් 30 කින් ඉහළ යද්දී යාපනය අර්ධද්වීපයේ ලැබෙන දේශීය අර්තාපල් අල කිලෝවක් රුපියල් 50කින් පමණ පහත වැටීමේ සිද්ධියක් අද (10) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් අර්තාපල් අල අස්වැන්න ලැබෙමින් පවතින බව වෙළෙන්දෝ පවසනවා.

යාපනය ගොවීන් විසින් වගා කරන ලද අර්තාපල් අල අද (10) උදෑසන කිලෝ  50,000කට අධික ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

පසුගිය දිනවල දේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 170ත් 200ත් අතර මිලකට අලෙවි වූ බවත් මේ වන විට යාපනයේ දේශීය අර්තාපල් අල කිලෝවක් රුපියල් 120ත් 140ත් අතර මිලකට අලෙවි වන බව පෙන්වා දෙනවා.

පකිස්ථානය සහ බංගලදේශය රටවලින් මේ දිනවල වැඩි වශයෙන් මෙරටට අර්තාපල් අල ගෙන එන බවත් රුපියල් 90ත්  95ත් අතර කිලෝවක තොග මිලකට අලවි වූ විදේශීය අර්තාපල් කිලෝ එක අද (10) රුපියල් 120ත් 130 ත් අතර මිලකට අලෙවි කරන බව ආනයන අර්තාපල් අල වෙළෙන්දෝ පවසනවා.

කෙසේවෙතත් යාපනය අර්ධද්වීපයේ මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කැරට්, රතු ලූනු, එළවළු වර්ග රැසක් ලැබෙමින් පවතින බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවද ව්‍යාපාරිකයෝ පවසනවා.