hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 25, ප.ව. 2:04



දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එලවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පැවසුවා.

ඒ අනුව අමු මිරිස් කිලෝවක් රු.1000, මාලු මිරිස් රු.580, බෝංචි රු.600, කැරට් රු.530, බණ්ඩක්කා රු.320, බටු රු.320, කරවිල රු.600, බිට්රුට් රු.480, තක්කාලි රු.240, පතෝල රු.400, මඤ්ඤොක්කා රු.250, වැටකොළු රු.500 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරෙනවා.

එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියේ.