hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 09, පෙ.ව. 12:20



වෙළෙඳපොළේ මස්,මාළු,එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඉන්ධන ගෑස් සහ විදුලිය මිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් කූට වෙළෙඳුන් ඒ සහනය ජනතාවට නොදෙන තත්වයක් පවතින බව එම ජනතාව පෙන්වා දෙනවා.

සමහර වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතූ මිල ගණන් අය කරන බව පවසන පාරිභෝගික ජනතාව මේ තත්වය වැළැක්වීමට නොපමාව මැදිහත් වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඉන්ධන ගෑස් විදුලිය මිල කොපමණ අඩු කළත් පාරිභෝගික භාණ්ඩ මිල නියාමනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවට ඒ සහනය නොලැබෙන බවත් පාරිභෝගික අධිකාරියද ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙනවා.

වෙළෙඳපොළේ එළවළු මිලද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර සමහර එළවළු ග්‍රෑම් 250 අලෙවි කැරෙන්නේ රුපියල් 80, 120 වැනි මිල ගණන්වලට බව ජනතාව ප්‍රකාශ කරනවා.

කුඩා මාළු මිලද රුපියල් 1000, 1500 ඉක්මවා ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: