hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 15, ප.ව. 12:22



මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය  පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය ඇතුලත මෙම පැකේජය දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුලත අඩු කරන අතර ඉන්ධන මිල අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙන බවද අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ජනතාව ඉල්ලා සිටි  බදු සහන ලබා දීමට ද රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.