2023 මැයි 20, ප.ව. 4:29
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
ඒ රජය ගත් සුවිශේෂි ආර්ථීක තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස බව ඔහු සඳහන් කළා.
ඊයේ (19) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වෙළඳපොලේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනික භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතුයි.
එමෙන්ම භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සදහා මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක් ද සිදු කරන බව වාර්තා වෙනවා.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13