2023 ජූනි 05, පෙ.ව. 7:53
කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත් පවතිනවා.
මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බව සඳහන්.
කෙසේ වෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.
මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32