hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 8:14



ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි බවත් යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන්.

මීට අමතරව කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට කෙටි හා දීර්ඝකාලීන සැලසුම් සකස්කර තිබෙනවා.

ඒ යටතේ 2023 සිට 2028 දක්වා ජාතික කිරි නිෂ්පාදන ප්‍රතිපත්තිය යනුවෙන් පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව සඳහන්.

කෙසේ වුවත් 2021 වර්ෂය තුළ මෙරටට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 82087ක් ආනයනය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: