hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 27, ප.ව. 2:20



පිරමීඩ යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට මහ බැංකුව ඇතුලු බලධාරීන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 1988 වසරේ බැංකු පනත අනුව මෙම ව්‍යාපාර තහනම් කර ඇති බැවින් මෙවැනි ව්‍යාපාරවලට බලපාන්නේ අපරාධ නීතිය බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පිරමීඩ ජාවාරම්කරුවන් සිදු කර ඇත්තේ අපරාධයක් වන අතර එය බරපතල වංචාවක් ද වන බවයි.

මෙවැනි වංචනික ජාවාරම්වල නිරතවූ ආයතනයන් සහ සමාගම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට මහ බැංකුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබාගෙන ඇති බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියේ, මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබියදීත් මාසිකව ලැබෙන වාසිය සලකා බලමින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට ජනතාව හසුවීම කණගාටුදායක තත්වයක් බවයි.

ලැබෙන වාසියට වඩා මෙවැනි ජාවාරමක ආයෝජනය කිරීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මහ බැංකුව මෙම ජාවාරම්වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: