hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 19, ප.ව. 8:59



අද වන විට සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා යනවා එවැනි පරිසරයක් තුළ වක්‍රබදු ප්‍රමාණය වැඩිවීම ජනතාවට අසීරු කර්තව්‍යයක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ නිසා සෘජු බදු ප්‍රමාණය වැඩිවීමත්, වක්‍ර බදු ප්‍රමාණය අඩු කිරීමත් කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ මූදල් අමාත්‍යාංශයට අයත් ආයතන වල ප්‍රධානීන් පසුගියදා මුදල් අමාත්‍යංශයේදී මුණගැසුණු අවස්ථාවේදීයි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

“අපි ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමේ දී දැනගන්න ඕන කාරණය තමයි හැමෝම ඉන්නේ පීඩනයක. ඒ නිසා ඔවුන්ගේ තත්ත්වය ද තේරුම් අරගෙන අපි කටයුතු කළ යුතුයි. අපි ආදායම් ඉලක්ක ඉහළට ගන්න ඕනේ. ඒත් අපිට ආදායම උපයා දෙන පිරිස පීඩනයට ලක් නොකර ඒ කටයුත්ත කළ යුතුයි. ඒ වගේම අපි නව අපනයනවලට යොමුවිය යුතුයි.

“සුරාබදු දෙපාර්තමේන්තුව ලබාදුන් දත්තවලට අනුව මේ වන විට රා අපනයනය තුළින් රුපියල් බිලියන 4.2 ආදායමක් උපයා තිබෙනවා. අපට පුළුවන් ඒ තත්ත්වය බිලියන 10ක් දක්වා ගේන්න. ඒ වගේම සාම්ප්‍රදායික රා කර්මාන්තය අපනයන මට්ටමට ගෙන ඒම අපේ රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබාගත හැකියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: