hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 8:02



ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව නිරීක්ෂණය කර තිබෙනවා.

මේ අතර ලබන වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් බිලියන 7885ක් (බිලියන හත්දහස් අටසිය අසූපහක්) 2023 වර්ෂයේ දී රජය වියදම් කරන්න බලාපොරොත්තු වන බවත්, රුපියල් බිලියන 1785ක් (රුපියල් බිලියන එක්දහස් හත්සිය අසූ පහක්) 2022  වර්ෂයට වඩා 2023 වර්ෂයේ රජය වියදම් කිරීමට බලාපොරොත්තු වන බවත්.එය 29.2%  වැඩිවීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම පුනරාවර්තන වියදම් සහනාධාර, වැටුප් වැනි දෑ සඳහා බිලියන 2442ක් (බිලියන දෙදහස් හාරසිය හතලිස් දෙකක්) 2023 වර්ෂය සඳහා රජය වෙන් කර ඇතැයි ද ,ප්‍රාග්ධන වියදම් වන ඉදිකිරීම් සඳහා කරන වියදම් හා ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති වියදම් රුපියල් බිලියන 1221ක් ද , ණය වාරික සහ පොලී සඳහා බිලියන 4218ක වියදමක් සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අවස්ථාවේ විශේෂයෙන්ම ජනතාව විශාල වශයෙන් සහන බලාපොරොත්තු වෙන අවස්ථාවක් බවත්, මෙතෙක් සාමාන්‍යයෙන් විසර්ජන පනතක මූලිකව තිබූ ආරක්ෂක වියදම පහතට ගොස් ඇති බවත් පළමුව සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක් ද අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක් ද , සෞඛ්‍යයට බිලියන 432ක් ද , රාජ්‍ය ආරක්ෂාවට බිලියන 410ක් මෙවර වෙන්කර ඇතැ යි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

2023 වර්ෂය නැඟී සිටීමට උත්සාහ කරන වර්ෂයක් බවත්, ආර්ථීක වශයෙන් ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී ඇති මෙහොතක කෙමෙන් කෙමෙන් නැගී සිටින්න උත්සාහ කරන ආර්ථිකයක් නිර්මාණය කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: