hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජූනි 24, ප.ව. 3:35



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාරය තුළ දී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ අහිමිව තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගිමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (24) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරට මුහුණ දී සිටින ආර්ථික ගැටළුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සිදු කරන සමාලෝචනය සැප්තැම්බර් මාසයේ මැද වන විට සිදු කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

ඒ අනුව ඇති කරගත් එකඟතා සහ අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.