hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ජූනි 02, පෙ.ව. 7:51



ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ති‌‌බෙනවා.

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේ ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත්, ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා රුපියල පෙරේදා (31) ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350 ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කරනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (01) තවත් ශක්තිමත් වී තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (01) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව තවත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 283.87 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297.27 ක් ලෙස සටහන් වුණා.