hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 21, ප.ව. 1:53



ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 334.93ක් ලෙස සටහන් වුණා.

මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,

මහජන බැංකුව – රු. 308 – රු. 330.92

සම්පත් බැංකුව – රු. 315 – රු. 330

කොමර්ෂල් බැංකුව – රු. 314.66 – රු. 336

ලංකා බැංකුව – රු. 315 – රු. 333.54

සෙලාන් බැංකුව – රු. 311 – රු. 338

අමානා බැංකුව – රු. 315.50 – රු. 330.50

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොරයේ මිල වෙනස් වූ ආකාරය පහතින්,

2023 වසර තුළ දී ඩොලර් බිලියන 1.4 ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් සෘජුව මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී ඇති බවත්, එය මෙරට සංචිත ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම (IMF-supported EFF program) අනුමත කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.