2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 2:23
ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කළා.
මෙය සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බව කොළඹ පැවති සාකච්ඡාවකදී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක මහතා පැවසුවා.
පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් වෙන ආකාරය පහතින් දැක්වෙනවා.
*රුපියල් ලක්ෂයක ආදායමකට බද්දක් නැහැ
*වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
*වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
*වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
*වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
*වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
*වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
*වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500
රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර තිබෙනවා.
ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කෙරෙනවා.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32