hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:24



ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

කෙටි කාලීන, දිගු කාලීන හෝ ස්ථිර පදනම මත ලෝකයේ විවිධ රටවල සේවය කරන ජාත්‍යන්තර සේවකයින් සඳහා වන්දි සහ ප්‍රතිලාභ කළමනාකරණය කිරීම සඳහා ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම බහු ජාතික සමාගම්වලට දත්ත, මෘදුකාංග සේවා, උපදේශන සහ පුහුණුව සපයනවා.

ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේදී 67 වෙනි ස්ථානය හිමිව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැටුප් වර්ධනය සෘණ 20.5 ක් ලෙස සටහන් වී තිබෙනවා. 

අවසාන ස්ථානයේ සිටින ආර්ජන්ටිනාවේ වැටුප වර්ධනය සෘණ 26.1 ලෙස සටහන් වනවා.

ලබන වසරේ වැටුප් වැඩිවීම අතින් ප්‍රථම ස්ථානය ඉන්දියාව හිමි කරගෙන සිටින අතර ඉන්දියානු ජාතිකයන්ට ලබන වසරේ සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

එහි දෙවන ස්ථානය වියට්නාමයටත් තුන්වෙනි ස්ථානය චීනයටත් හිමිව තිබෙනවා.

රටවල් සහ නගර 68 ක බහුජාතික සමාගම් 360 කින් ලබා ගත් දත්ත ආශ්‍රිතව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.