2023 ජූනි 29, පෙ.ව. 9:52
සමෘද්ධි බැංකු ජාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ සමෘද්ධි බැංකු ජාලය ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක බැංකු පද්ධතියක් බවට පත් කිරීමටයි.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීති-රීති සහ අනිකුත් කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව සහ සමෘද්ධි බැංකු ජාලය සහ සමෘද්ධි දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා සිදුකරමින් පවතිනවා.
අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රම හරහා කිසිදු අඩු ආදායම් ලාභියකුට හෝ රජයේ සහන අවැසි සුදුස්සන්ට හෝ අසාධාරණයක් සිදු නොවන තැනට වගබලා ගැනීම රජයේ අරමුණ බවත් නමුත් දිගින්දිගටම යැපුම් මානසිකත්වයෙන් ජනතාව තබා ගැනීම සිදු කිරීමට රජය සූදානම් නොවන බවත් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
2026 අප්‍රේල් 27, ප.ව. 4:14
2026 අප්‍රේල් 27, ප.ව. 12:54
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52