hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, ප.ව. 1:59



අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385ක්.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 250ක්.

මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460ක්.

ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 490ක්.