hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:24



උත්සවය සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් භාණ්ඩ 07 ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව අද (23) සිට සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ හාල්මැස්සන් මිල අඩු කෙරෙනවා.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 374 ක්.

සුදු සීනි රුපියල් 04කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 220 ක්.

රුපියල් 05 කින් මිල අඩු කර ඇති ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් අද සිට ලංකා සතොස හරහා රුපියල් 185කට මිල දී ගත හැකියි.

ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 475 ක්.

මිරිස් කිලෝග්‍රෑමයක් අලෙවි කරන නව මිල වන්නේ රුපියල් 1,780 ක්.

එහිදී රුපියල් 15 ක් අඩු කර තිබෙනවා.

හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,100 ක්.