hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 12, ප.ව. 3:38



ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (12) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස ආයතනය සඳහන් කළා.

සම්බා කිලෝවක් රුපියල් 5 කින්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 16 කින්, නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර ඒ අනුව සම්බා කිලෝවක් කිලෝවක් රුපියල් 220 කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 189 කට කට, නාඩු සහල් කිලෝවක් රුපියල් 198 කට සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 240 කට මිලදී ගත හැකිය.