hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ජනවාරි 25, ප.ව. 2:45



පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයින් පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ ජනතාවට ලබා ගත හැකියි.

මෙම මිල පහත හෙළීම හෙට(26) දින සිට ක්‍රියාත්මක බව සතොස ආයතනය සඳහන් කරනවා.

මිල පහළ දැමූ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

*වියළි මිරිස් 1kg – රු.1700

*සුදු කැකුළු (දේශී) 1kg – රු.169

*රතු කැකුළු 1kg – රු.179

*සුදු නාඩු (දේශීය) 1kg – රු.184

*රතු පරිප්පු 1kg – රු.365

*කීරි සම්බා 1kg – රු.235