hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 09, ප.ව. 1:16



ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (09) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසනවා.

වටාන කිලෝවක් රුපියල් 10 කින්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 05 කින්,රතු කැකුළු කිලෝවක් 05 කින් සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 4කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව වටාන කිලෝවක් රුපියල් 305 කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 179 කට කට,සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 180 කට සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 164 කට මිලදී ගත හැකියි.