hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2022 අගෝස්‍තු 23, ප.ව. 12:08



සතොස මගින් මිලදී ගත හැකි භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇති බව එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා කියා සිටියා.

ඒ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව, ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩු කර තිබෙනවා. නව මිල වන්නේ රු 194ක්.

පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු වී ඇති අතර නව මිල රු 460ක්.

දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර තිබෙනවා ඒ අනුව නව විකුණුම් මිල රු 310ක්.

ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 198ක්.

හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල 1,375ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: