hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 12:02



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු ආපසු ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බවයි සඳහන් වන්නේ.

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද අය කිරීමේ ඇති සානුකම්පිතභාවය පිළිබඳ මුදල් අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරින්ගේ සංගමයේ 10 වැනි සංවත්සරික මහ සභාව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දැක්වූ අදහස් මෙසේයි,

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පමණක් නොව වසරකට රුපියල් ලක්ෂ 12කට වඩා පොලී ආදායමක් ලබන අයගෙන් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් මේ වසරේ (2023) ජනවාරි 01 වැනිදා සිට කියාත්මක කළා. නමුත් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ රඳවා ගැනීමේ බද්ද නැවත ආපසු ගෙවන්නැයි ඉල්ලීම් ගණනාවක් ඇවිත් තිබෙනවා. අපි ඒ පිළිබඳ සානුකම්පිතව සලකා බලා රඳවා ගැනීමේ බද්ද 05%ක් කපා ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ කපා ගත් මුදල ගෙවන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ලබන සැප්තැම්බර් 10 වන දා සිට නැවත ගෙවීමට එකඟතාවයකට පැමිණියා.”

මේ අනුව, මසකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක් ලැබෙන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: