hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 02, ප.ව. 1:58



රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵල ලෙස රුපියල ශක්තිමත් වෙමින් පවතින බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණය මත බවයි.  

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2023 වසරේ පෙබරවාරි මාසය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඩොලර් මිලියන 400ක වර්ධනයක්.

සියලු දෙනාට බලපානු ලබන ආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවතුණා. එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස තිබෙනවා.

2022 වසරේ සැප්තැම්බර් වන විට 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් අත් කර ගනිමින් 2023 පෙබරවාරි වන විට 107,639ක් ලෙස සටහන්ව තිබෙනවා. මේ සියල්ල සිදුව ඇත්තේ රජය විසින් ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ගැඹුරු අගාධයක පැවැති මෙරට ආර්ථිකය සහන් එළි දකිමින් සුබවාදී අනාගතයක් කරා ගමන් කරමින් ඇති බව මෙම සංඛ්‍යා ලේඛන මගින් තහවුරු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.