hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 25, පෙ.ව. 7:20



වෙළෙඳ පොළේ වාහන අමතර කොටස් මිල සියයට තුන්සීයකින් ඉහළ නැංවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාහන රියැදුරන් පවසනවා.

සමහර වාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳුන් හිතු හිතූ මිල ගණන් අයකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති කණ්ණාඩි, වාහන තහඩු, එන්ජින්, ටයර්, රබර් බුෂ්, වයිෆර්, රිම්, කූලන්ට්, බැටරි වතුර, බල්බ්, දුනු ඇතුළු වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ නංවා ඇතැයි ද රියැදුරන් චෝදනා කරනවා.

රුපියල් 12,500ක් වැනි මුදලකට අලෙවි වූ ටයරයක් එක්වර ම රුපියල් 38,500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම රුපියල් 4500කට පැවැති පැති කණ්ණාඩියක් රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවා ඇතැයි ද ඔවුන් සඳහන් කළා.

එමෙන්ම වෙළෙඳ පොළේ වාහන අමතර කොටස් හිඟයක් පවතින බවට ද වාර්තා වනවා.

මේ අතර වාහන අමතර කොටස් ආනයනය කිරීමේ දී ඇතැම් මූල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බාධා එල්ලවී ඇතැයි වාහන අමතර කොටස් ආනයනකරුවන් පවසනවා.