2022 ඔක්‍තෝබර් 14, ප.ව. 3:43
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ භූමි මෙහෙයුම් කටයුතු සදහා බලපත්‍රය ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සදහා වූ මෙහෙයුම් බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී සිදු කෙරුණා.
ගුවන් තොටුපළ තුළ භූමි මෙහෙයුම් කටයුතු නිරුපද්‍රිතව සහ ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම, ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කිරීම, ගුවන් යානා සහ ගුවන් මගීන් හැසිරවීමේ හැකියාව, සංවිධාන ව්‍යුහය, සුදුසුකම්, අත්දැකීම් සහ නිසි පුහුණුව ලත් කාර්යය මණ්ඩලය, මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික සහ භෞතික හැකියාව යන කරුණු පිළිබඳව දීර්ඝ විමර්ශනයකට සහ තක්සේරුවකට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා භූමි පරීක්ෂකවරුන් විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලක් කිරීමෙන් පසුව මෙම භූමි මෙහෙයුම් බලපත්‍රය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පිරිනැමීමට පියවර ගෙන තිබුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ජී.එස්.විතානගේ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ( මෙහෙයුම් ) කපිතාන් ලූෂන් ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෙල්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සංජීව ජයතිලක ඇතුළු මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08