hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 පෙබරවාරි 20, ප.ව. 1:42



කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් පෙබරවාරි 24 වැනිදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

එම ස්ථානයේ වෙළෙඳසැල් 33ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය කර ගෙන තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බව වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නීත්‍යානුකුල ක්‍රමවේදයක් යටතේ සැලසුම් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක්‍රියාකිරීම අසාධාරණ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

“එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. යම් මුදලක් අය කරලා හරි රට හොඳ තත්ත්වයට පත්වෙනකල් අපිව මෙතැන තියන්න කියලා තමා අපි ඉල්ලීම කරන්නේ. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑ. අපි මෙතැන ලස්සනට පිරිසිදුවට කරන්නේ. ජොගින් පාත් එකේ අයට කිසිම කරදරයක් වෙන විදියට පුටුවක්වත් තියන්නේ නෑ. මෙතැනට දැන් විදේශිකයින් පවා පැමිණෙන තැනක් වෙලා…”