hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 3:03



රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව කෝපා කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා රජයේ ගිණුම් කාරක සභාවේ පළවෙනි දෙවෙනි හා තෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවා.  

සීනි බදු පිළිබඳ වාර්තාවේ විගණකාධිපති නිරීක්ෂණ 13ක් තිබුණ අතර එයින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 16763ක ප්‍රමාණයක් යැයි ද සීනි බද්ද සත 75 කින් අඩු වුවද සීනි මිල ඒ හා සමානව අඩු නොවීම නිසා පාරිභෝගිකයින්ටත් විශාල පාඩුවක් සිදු වු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙම තත්ත්වය යටතේ සීනි ආනයනය 200% කින් පමණ වැඩි වුණ බවද විගණකාධිපති නිරීක්ෂණ 13 පදනම් කරගෙන  අපරාධ විමර්ශන ඒකකයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපතිවරයා කෝපා කමිටුව හරහා දැනුම් දී තිබූ බවද කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළා.

පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන අතර පරීක්ෂණ වාර්තාව ලබා ගෙන එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළා.