hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 9:39



පසුගිය රජය විසින් 2019 වසරේ අගභාගයේ දී සිදු කරනු ලැබු ප්‍රධාන බදු සංශෝධන කිහිපයක් හේතුවෙන් ආර්ථිකයට ඇතිවු අහිතකර බලපැම නැවත සමාලෝචනය කර සුදුසු පියවර නිර්දේශ කිරිම සදහා විශේෂඥ කමිටුවක් පත්කළ යුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කර තිබෙනවා.

රජය මගින් ලබාදුන් මෙම බදු සහන පැකේජය විචක්ෂණශිලි තීරණයක්ද යන්නත් ඒ තුලින් බලාපොරොත්තු වු අරමුණු කොතෙත් දුරට ඉටුවී තිබේද යන්නත් සොයාබලන ලෙස විගණනය මගින් නිර්දේශ කොට තිබෙන බව වාර්තා වනවා.

මෙකී බදු සංශෝධනය හේතුවෙන් 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දී එම බදු වර්ගවලට අදාලව දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබු බදු ආදායම සියයට 49කින් පමණ පහත වැටී ඇති බව ජාතික විගණණ කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන්.

මෙම බදු සංශෝධන යටතේ ආදායම් බදු අනුපාත හා එකතු කළ අගය මත බදු අනුපාතික අඩුකිරිම, එකතුකළ අගය මත බදු සඳහා ලියාපදිංචි විය යුතු සීමාව ඉහළ නැංවිම, ජාතික ගොඩනැගීමේ හා ආර්ථික සේවා ගාස්තුව ඉවත් කරනු ලැබුවා.

මෙම බදු සංශෝධනය නිසා මෙම බදු වර්ග පහට අදාලව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉපයු බදු ආදායම 2020 වර්ෂයේ දී සියයට 49කින් පහත වැටි ඇති බවද විගණන මගින් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මෙකී බදුවර්ග පහට අදාල ආදායම් බද්ද 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දි සියයට 31.79කින්, එකතු කළ අගය මත බද්ධ සියයට 47.33කින් ණය ආපසු ගෙවීමේ බද්ධ සියයට 89.53කින්, ආර්ථික සේවා ගාස්තු බද්ධ සියයට 72.97කින්, ජාතිය ගොඩනැගිමේ බද්ධ සියයට 96.44කින් අඩුවී ඇති බව විගණන වාර්තාවේ සඳහන්.

ගාල්ල – ලලිත් චාමින්ද  

.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: