hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 7:53



කොවිඩ් වසංගත සමයේ දී පහත දැමුණු විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටමට ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙමගින් රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු අතර ඊට යොදා ගැණුනු එතනෝල් බද්ද 2020 අප්‍රේල් 30 සහ ජූනි 09 යන දිනවල දී අවස්ථා දෙකක දී බදු පහත දැමුණා.

මේ අතර රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25 දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළි බද්ද පෙර පැවැති මට්ටමට ඉහළ දැමෙන බව අමාත්‍යවරයා කියා සිටියා.