hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 01, ප.ව. 4:48



දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට කිසිදු දඩ මුදලකින් තොරව කඩිනමින් එම වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අවසන් දිනය වන තෙක් රැඳී නොසිට මෙම වාර්තා ඉදිරිපත් කිරීමෙන් මෙවැනි අපහසුතාවන් මග හරවා ගත හැකි බවයි.

2021/22 මුදල් වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය නොවැම්බර් 30 වෙනවා.

බහුතර පිරිසක් මෙම වාර්තා අවසන් දිනයේ ඉදිරිපත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඊයේ දිනයේ පද්ධතියේ තදබදයක් ඇති වුණා.

මෙම තත්ත්වය පසුව මග හැරී ගිය අතර ඇතැම් පාර්ශ්වයන්ට නියමිත වේලාවට අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබුණා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ප්‍රමාද වූ වාර්තා වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල ප්‍රකාරව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.