hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 4:53



විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු තොරතුරු ලබාගැනීම සදහා වන දුරකතන අංක තුනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව 0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ මහතා වෙත හෝ , 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සදහා වන කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අනුව 2022 මැයි 1 වැනිදා සිට 2023 අප්‍රේල් 30 වැනිදා දිනය දක්වා ඇමරිකානු ඩොලර් 3000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු සී.අයි.එෆ් අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවනවා.

2022 මැයි 1 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකියි.

ඒ අනුව ඉලෙට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවනවා.

මෙම වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම සදහා වන අයදුම්පත්‍ර මේ වන විට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර අදාල සියලුම ලිපි ලේඛන සමග කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: