hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 12, ප.ව. 4:54



නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් Toyota මෝටර් රථ දහස් ගණනක් නැවත කැඳවීමට Toyota සමාගම තීරණය කොට තිබෙනවා.

2020 සහ 2023 අතර නිෂ්පාදිත Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස කැඳවීමටයි එම සමාගම තීරණය කොට තිබෙන්නේ.

මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: